‘ජෙනී පීටර්ස්’ මගේ කුඩා කළ සිටම හොඳම මිතුරියකි. මා සමග එකම විශ්ව විද්‍යාලයේ ඇයටත් ඉගෙනීමට අවස්ථාවක් උදා වූයේ මාගේ පෙර පිණකටදෝයි මට හැඟේ. මන්දයත් ඇය කෙරේ මා සිතේ තිබූ මිතුරුකමටත් වඩා කැමැත්තයි. නමුත් ඈ සමග එකම උපාධිය කිරීමට මා හට වරම් නොලැබිණ. ඒ ඇය මට වඩා දෑවුරුද්දක් බාල වීමය. ඒ ඇය මගේ හොඳම මිතුරු ‘එඩී පීටර්ස්’ගේ සොහොයුරිය ද වීමෙනි. මේ ම්තුදම කුඩා කළ සිටම දළුලා වැඩුණේ එඩී සමග තිබූ ගැඹුරු මිත්‍රත්වය නිසාවෙනි. නිතර ඔහුගේ නිවසට ගිය මා හට ඇයද සෙමින් කිට්ටු විය. නමුත් ඒ සොහොයුරියක් විලසටම පමණකි. එකම විද්‍යාලයේ ඉගෙනුම ලැබුවද ඇයව පාසල් වේලාවේදි මුණ ගැසීමට වැඩි අවස්ථාවක් නොලැබුණේ අප විද්‍යාලයේ බාලිකා හා බාලක වශයෙන් වෙන් කර තිබිම නිසාය. එනම්, වැන්ඩන්බර්ග් හරහා වැටෙන ප්‍රධාන මාර්ගයෙන් එක් පසෙක බාලක විද්‍යාලයත්, අනෙක් පස බාලිකා විද්‍යාලයත් පිහිටීමය. නමුත් එය ඇසුරකට බාධාවක් නොවීය. ඒ මින් වසර කීපයකට පෙර, එනම් පස් වසරකට පෙරදී මට මුණ ගැසුණු කෙවින් මිතුරා මැගේ අසල්වැසියෙක් වූ හෙයින් එකල සිටම අප පාරේ ගමන් ගත්තේද එකටම වූ හෙයිණි.
මේ සිහිල් මිතුදම ආදරයකට පෙරලෙමින් තිබුණේ මීට වසරකට පෙරාතුව සිටය. ඒ පිළිබඳව මුලින්ම මගෙන් විමසූයේ ඇයයි. තඹ පැහැති උරහිස දක්වා දික් වූ කෙස් වැටියෙකින් හෙබි ඇය, සිනා සෙද්දි දසන් පෙළ මුතු කැට පෙළක් මෙන් දිස් විණ. මේ තාක් කල් දැක තිබූ ලස්සනම දසන් පෙළ ඇත්තේ ඇය සතුව බව මගේ සිත පමණක් දන්නා රහසකි. සිහින් ඇහි බැමි යටින් වූයේ මුව පොව්වෙකුගේ වැනි අහිංසක දෙනෙත් යුගලයයි. අළු පැහැ ඇස් ඇගේ අහිංසකත්වයත්, හුරුබුහුටි පෙනුමත්, රාගන්විත බැල්මත් තව තවත් ඔප් නංවයි. එවන් අයෙකු මිතුරියක වීම පවා පෙර පිණක් පළ දීමක් වැනිය. ඒ පිළිබඳව දෙවියන්ට ස්තූති කළ වාර නැතුවාම නොවේ. නමුත් ඇය සමග තිබූ යාළුකම ආදරයකට පෙරළුණු හැටි සිහි වෙද්දී හීනයක්දෝ යැයි සිතේ.
එඩී මේ පිළිබඳව දැන ගත්තේ මින් මාස පහකට පමණ පෙරදීය. ඔහු එය දැන ගැනීම පිළිබඳව මගේ සිතේ කිසිදු අකමැත්තක් නොවීය. නමුත් ජෙනී ඒ පිළිබඳව වැඩි කැමැත්තක් පළ නොකළාය. එහෙත් දැන් තත්ත්වය වෙනස් වී ඇත. මගේ හොඳම මිත්‍රයා මට කෙසේ නම් බාධකයක් පනවන්නද? ඔහුට තම නැගණිය මෙන්ම මා පිළිබඳව ද තිබුණේ දැඩි විශ්වාසයකි. ඒ බව මා දැන ගත්තේ එකලදීමය. වරක් පාසලේදී ඔහු මගේ කරට අත දමා ගෙන කැන්ටිම වෙත යන අතර තුරේදී, "මම මගේ නංගිව කවදා හරි දෙනවා නම් දෙන්නේ උඹ වගේ එකෙක්ටම තමයි. ඒකේ කිසි සැකයක් නෑ බං" යැයි පැවසූ හැටි අදටත් මට මතක තියේ. මේ වන විට ඒ වචන සත්‍යයකට පෙරළී ඇත. දෙදෙනාගේම ධෛවයේ ලියැවී තිබූ දේ දැන් දළු ලමින් වැඩෙමින් පවතී. දෙවියන් වහන්සේගේ කැමැත්ත එය විය හැකිය.
අවසන් විභාගයෙන් අනතුරුව ඇය දැකීමට හැකි වූයේ තුන් වරක් පමණි. ඉන් එක් වරකදී මට ඇයව මුණ ගැසුනේ නිදහස් දින සැමරුම වෙනුවෙන් පැවැත්වූ සැණකෙළියේදීය. මුණ ගැසීම එපමණකට සීමා වුවද දුරකතන ඇමතුම් වල නම් කිසිසේත්ම අඩුවක් නොවීය. එවැනිම අඩුවක් දැණුනේ මෙවන් රැයකදී ඇයත් නිහඬව සිටියහොත් පමණි. රාත්‍රී දහය පසු වෙද්දී සියළු වැඩ අවසන් කරන ඇය, නින්දට යන්නේ සුපුරුදු ලයාන්විත හඬින් මට "සුභ රාත්‍රියක්" කියා පතමිණි. දැන් මධ්‍යම රාත්‍රිය ගතවී ඇත. මීට මොහොතකට පෙරදී පහල තට්ටුවෙන් ඇසුණු ඔරලෝසුවේ කණිසම වැදෙනා හඬින් මම එය දැන ගතිමි.
ලස්සන කථාවක් දිගටම ලියන්න
ReplyDelete